මුත්‍රා සමග ලේ යාම

සාමාන්‍යයෙන් මුත්‍රා සමග ලේ පිටවන්නේ බරපතළ තත්ත්ව වලදී නොවේ. නමුත් එය ඔබ විසින් වෛද්‍යවරයකු ලවා පරීක්ෂා කර ගත යුතුය. උපදෙස්: පහත දෑ වුවත් මුත්‍රා වල ලේ දුටුවහොත් වෛද්‍යවරයකු හමුවන්න

  • ඔබට අනෙකුත් රෝග ලක්ෂණ නොතිබුනත්
  • එය එක් වරක් පමණක් සිදු වුවත්
  • එහි ඇත්තේ රුධිරය ස්වල්පයක් වුවත්
  • ඒ රුධිරය බවට ඔබට විශ්වාස නැත්නම්

ඔබේ මුත්‍රා වල වූ රුධිරය දීප්තිමත් රෝස, රතු හෝ තද දුඹුරු පැහැ විය හැක. වැදගත් මුත්‍රා වල වූ රුධිරය පරීක්ෂා කල යුත්තේ එය පිලිකාවක ලක්ෂණයක් විය හැකි නිසාවෙනි. මෙය මුලදී හදුනාගතහොත් ප්‍රතිකාර කිරීම පහසුය. ඔබගේ වෛද්‍ය හමුවීමේදී සිදු වන්නේ කුමක්ද වෛද්‍යවරයා විසින් ඔබගේ රෝග ලක්ෂණ විමසනු ඇත හා ඔබගේ පහල ප්‍රදේශය(ගුද මාර්ගය), හෝ ඔබ කාන්තාවක් නම් යෝනි මාර්ගය පරීක්ෂා කිරීමට අවශ්‍ය විය හැක. සමහර විට ඔවුන්:

  • මුත්‍රා සාම්පලයක් ඉල්ලීම හෝ රුධිර පරීක්ෂණයක් සූදානම් කිරීම සිදු කරයි
  • ඔවුන් ඔබට අසාදනයක් ඇතැයි සිතුවහොත් ප්‍රතිජීවක නියම කරනු ඇත
  • පරීක්ෂණ සදහා විශේෂඥවරයකු වෙත යොමු කරනු ඇත

මුත්‍රා වල ලේ පැවතීමට හේතු

මුත්‍රා මාර්ගයේ ඕනෑම තැනකින් මුත්‍රා වලට රුධිරය පැමිණය හැක -මුත්‍රාශය, වකුගඩු හෝ මුත්‍ර වාහිනි (ශරීරයෙන් මුත්‍රා පිටතට ගෙන යන නලය). ඔබට වෙනත් රෝග ලක්ෂණ ඇත්නම්‍, එමගින් ඔබට එයට හේතු වූ කාරණය පිලිබඳ අදහසක් ලබා දිය හැක. ස්වයං නිර්ණය නොකරන්න- ඔබ මුත්‍රා වල රුධිරය ඇතිබව සිතන්නේනම් වෛද්‍යවරයකු හමුවන්න.

අනෙකුත් රෝග ලක්ෂණ විය හැකි හේතුව
මුත්‍රා පිට කිරීමේදී ඇතිවන දැවිල්ල, නිතර මුත්‍රා කිරීමට අවශ්‍ය වීම, දුගඳ හෝ වලාකුළු ස්වභාවයක් සහිත මුත්‍රා, ඉහළ උෂ්ණත්වය (උන), පැති වල හෝ පහල පිටුපස කොටසේ වේදනාව මුත්‍ර මාර්ගයේ ආසාදන(UTIs)
පැතිවල, පිටුපස යටි කොටසේ හෝ ඉකිලි ප්‍රදේශයේ ඇතිවන එන යන ඉතා දරුනු වේදනාව, එක් ආකාරයකට සිටිය නොහැක, අසනීප ගතියක් දැනේ වකුගඩු වල ගල්
වයසක මිනිසුන්ට (අවුරුදු 50ට වැඩි අයගේ පොදුය) මුත්‍රා කිරීමේ අපහසුතාව, හදිසියේ හා නිතර මුත්‍රා කිරිමට අවශ්‍ය වීම, මුත්‍රා කිරිමට රාත්‍රිය මධ්‍යයේ අවදි වීම විශාල වූ පුරස්ථි ග්‍රන්ථි

එය වෙනත් කුමක් හෝ වුවහොත් ඔබේ මුත්‍රා වල ඇත්තේ රුධිරය නොවිය හැක එනම්:

මුල් ප්‍රභවය